එක පාර ගෙවන්නේ නැතුව, ඉන්ස්ටෝල්මන්ට්ස් (instalments) වශයෙන් ගෙවන්න පුළුවන් option එක, PayHere හරහා ඔයාගේ merchant ට payment එකක් කරද්දී දැක්කද?
PayHere Instalments හරහා payment එකක් කරද්දී මොනවගේ steps ටිකක් ද follow කරන්න තියෙන්නේ කියලා දැන් බලමු. මේක ඔයාට display වෙන්නේ ඔයාගේ merchant විසින් PayHere Instalments service එක enable කරගෙන තියෙනවා නම් තමයි. මේ සේවාවේ වාසිය අත්විඳින්න පුළුවන් වෙන්නේ payment එක කරන කෙනා credit cardholder කෙනෙක් නම් විතරයි. ඒ ගැන විස්තර අපි වෙනම ලියලා තියෙනවා. Online payments ගන්න බලාපොරොත්තු වෙන ඕනෑම ව්‍යාපාරයක් හෝ ආයතනයකට පුළුවන් ඒ blog article එකේ විදිහට PayHere Instalments service එක enable කරගන්න.
PayHere Instalments සේවාව enable කරලා තියෙනකොට ඔයා payment එකක් කරද්දී මුලින්ම දකින්නේ සාමාන්‍යයෙන් PayHere online payment එකක් කරද්දී දකින window එකම තමයි.
- ඒ කියන්නේ මුලින්ම Pay with PayHere option එක select කරාට පසුව එන විස්තර ඇතුළත් කරන window එක. ඔයා වෙනදා වගේම මෙතනට විස්තර ටික දාලා next button එක click කරන්න.
- දැන් තියෙන්නේ payment එක කරන්න අදාළ වෙන payment option එක තෝරාගන්න එක. PayHere Instalments සේවාව ලබාදෙන්නේ card payments වලට නිසා, ඔයා Visa/ Mastercard options තෝරාගත්තොත් තමයි ඔයාට ටික ටික ගෙවන්න ලැබෙන options බලාගන්න පුළුවන් වෙන්නේ.
- දැන් ඔයාගෙන් අහනවා ප්‍රශ්නයක්. ඒ තමයි, ඔයා තෝරාගන්නේ එකවර ගෙවන්නද? (One-off) නැතිනම් ඉන්ස්ටෝල්මන්ට්ස් වශයෙන් ගෙවන්නද? (Instalment Plan) කියලා. ඔයා කැමති නම් ඉන්ස්ටෝල්මන්ට්ස් වශයෙන් ගෙවන්න ඔයා මෙතැනින් තෝරාගන්න අවශ්‍ය වෙන්නේ Instalment Plan (Credit Cards Only) කියන එක.
- ඊට පස්සේ මෙතන පෙන්වනවා ඔයාගේ merchant විසින් enable කරලා තියෙන PayHere Instalment Plans ටික. ඔයාගේ credit card එකට අදාළ බැංකුව තෝරාගන්නයි තියෙන්නේ මෙතැනින්.
- ඊළඟට ඔයාට බලන්න පුළුවන් ඔයාගෙ credit card එකට අදාළ Instalment Plans මොනවද තියෙන්නේ කියලා. මේ window එකේදී ඔයා තෝරාගන්නා Instalment Plan එක අනුව ඔයාගේ credit card එකෙන් මාසිකව අඩු වෙන මුදල වෙන වෙනම පෙන්වලා තියෙනවා. ඒක ඔයාගෙ bank එකෙන් charge කරගන්නේ කොහොමද කියලත් සඳහන් කරලා තියෙනවා.
- දැන් ඉතින් ඔයා Instalment Plan එකක් තෝරලා තියෙන නිසා සුපුරුදු පරිදි card details enter කරලා PayHere එක්ක online payment එක complete කරන්න.
මෙතැනින් එහාට තියෙන steps ගැන අපි වෙනම blog article එකක් ලියලානේ තියෙන්නේ. කැමති නම් ඔන්න ඒකත් කියවලා බලන්න.
ලේසියෙන්ම payment එක කරන්න නම් ඉතින් Pay with PayHere!
0 Comments