“Online payment එකක් කරන එක එච්චර අමාරු නැහැ.”
Pay with PayHere button එක දැකලා තියෙනවා නේද?
ඒක click කෙරුවම මොකද වෙන්නේ කියලා බලමු.
PayHere payment gateway service එක භාවිතා කරන ව්‍යාපාරයකට හෝ ආයතනයකට ගෙවීමක් කරන විට, ඔයාට විවිධ ගෙවීම් මාධ්‍ය දකින්න පුළුවන්. එතනදි විවිධ card payments වගේම wallets ආදියෙන් ද online payments කරන්න පුළුවන්.
Card payments කරද්දී credit card වගේම debit card වලින් payments කරන්න පුළුවන්. ඒ කියන්නේ Visa, MasterCard, American Express, Discover සහ Diners Club කියන payment card brands වලින්. අන්තර්ජාතික ගෙවීම් (USD, GBP, Euro සහ AUD) සහ ලංකාව ඇතුලත කරන ගෙවීම් (LKR) කියන දෙකම මේ card payments වලින් කරන්න පුළුවන්.
ශ්‍රී ලංකාව ඇතුලේ කරන ගෙවීම් වලට ezCash, mCash, Genie, Frimi, Sampath Vishwa, ComBank Q+, LOLC iPay සහ ශ්‍රී ලංකාවේ අපේම ගෙවීම් ක්‍රමයක් වන HelaPay හරහා ද රුපියල් වලින් ගෙවීම් කරන්න පුළුවන්.
1. මුලින්ම ඔයාට අවශ්‍ය දේ order කරලා, ඕඩර් එක complete කරල checkout window එකට යන්න.
*එතන පෙන්වන payment options වලින් Pay with PayHere button එක මත ක්ලික් කරන්න.
2. දැන් ඔයාට PayHere හරහා ගෙවන්න පුළුවන් විවිධ ගෙවීම් ක්‍රම දකින්නට ලැබේවි. මේ case study එකට අපි MasterCard payment method එක තෝරා ගමු.
3. එම ගෙවීම් ක්‍රමයට අදාල ලෝගෝ එක මත ක්ලික් කරාට පසු ඔබට පහත window එක දකින්නට ලැබේවි.
4. මෙහිදී ඔබගේ card details නිවැරදිව ඇතුලත් කරන්න.
5. දැන් ඔබට, ඔබගේ කාඩ් පත නිකුත් කරන ලද බැංකුවෙන් පෙන්වනු ලබන windows කිහිපයක් දකින්නට ලැබේවි. එම windows close කරන්න යන්න එපා. මඳක් රැඳී සිටින්න.
6. ඔබේ කාඩ් පතේ ආරක්ෂාව උදෙසා කාඩ් පත නිකුත් කරනු ලැබූ බැංකුව විසින් විවිධ verification steps කිහිපයක් සිදු කරනු ලැබේ. මෙම case study එකේදි, කාඩ් පත නිකුත් කරනු ලැබූ බැංකුව වන්නේ, NTB බැංකුවයි. ඔවුන් SMS සහ ඊමේල් මගින් verification එක කරනවා. (ඔබට මෙහිදී කිසිවක් පෙනෙන්නේ නැත්නම් ඔබගේ කාඩ් පත නිකුත් කළ බැංකුව සම්බන්ධ කරගත යුතුයි.)
7. දැන් ඔබට, ඔබගේ ගනුදෙනුවට අදාළ වූ OTP එක ලැබෙනු ඇත. එය හොඳින් පරික්ෂා කර බලා ඉහත වෙබ් පිටුවට ඇතුලත් කරන්න. (එමගින් ඔබගේ කාඩ් පත හරහා සිදුකරනු ලබන ගනුදෙනු වලට අවශ්‍ය ආරක්ෂාව සපයනු ලබයි.)
8. ඔබ මෙම verifications/ OTP අංකය ලබා දුන් පසු ඔබගේ කාඩ් පත නිකුත් කළ බැංකුව විසින් ඔබ එම verifications/OTP අංකය නිවැරදිව ලබා දුන්නේ ද යන්න පරීක්ෂා කරනු ලැබේ. එම නිසා මෙම window එක ද close කිරීමෙන් වළකින්න. මඳක් රැඳී සිටින්න.
9. ඔන්න ඔය විදිහට තමයි online card payment එකක් කරන්නේ.
ඔබ PayHere වෙත සිදු කරනු ලැබූ ගනුදෙනුවට අදාළ පේමන්ට් අයිඩී එක ඔබට මෙම window එකේදි දැකිය හැක. එය ආරම්භ වනුයේ 3200xxxxxxxx ලෙසටය. [ඔබ මුලදී ඇතුලත් කල email ලිපිනයට, ඔබගේ සාර්ථක ගනුදෙනුවට අදාළ email එකක් PayHere වෙතින් ලැබෙනු ඇත. (එය ඔබට ලැබුනේ නැත්නම් මෙන්න මේ ආකාරයට කටයුතු කරන්න.)]
10. ඔබ ගෙවීම සිදු කළ PayHere merchant වෙබ් සයිට් එකේ දී ඔබගේ order එකට අදාල order confirmation එකක් දකින්නට ලැබේවි. ( ඔබ ගෙවීම සිදු කළ ව්‍යාපාරය කටයුතු කරන ආකාරය අනුව, මෙම window එක වෙනස් වනු ඇත)
11. ඒ අතරතුර ම, ඔබට ඔබගේ කාඩ් පත නිකුත් කරන ලද බැංකුව මගින්, ඔබගේ ගනුදෙනුව තහවුරු කරමින් SMS එකක් ලැබෙනු ඇත. (මෙම එස්එම්එස් එක ඩිලීට් කිරීමෙන් වළකින්න. එය ඔබට පසුව අවශ්‍ය වනු ඇත.)
12. සෑම සාර්ථක ගෙවීමක් සඳහා ම PayHere මගින් ඔබට receipt එකක් එවනු ලැබේ. එහිදී ඔබට පේමන්ට් අයි එකක් දකින්නට ලැබේවි. ඔබට එම ඊමේල් එක ලැබුනේ දැයි පරීක්ෂා කර බලන්න අමතක කරන්න එපා. [පෙර සඳහන් කළ පරිදි ඔබ මුලදී ඇතුලත් කල email ලිපිනයට, ඔබගේ සාර්ථක ගනුදෙනුවට අදාළ email එකක් PayHere වෙතින් ලැබෙනු ඇත. (එය ඔබට ලැබුනේ නැත්නම් මෙන්න මේ ආකාරයට කටයුතු කරන්න.)]
එහෙනම් දැන් ඔන්න ඔයා දන්නවා PayHere හරහා ගෙවීමක් කරන්නේ කොහොමද කියලා.
TIP:
නිතරම OTP enter කරන්න තියෙන payments කරල එපා වෙලා නම් ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා, HelaPay සමග රෙජිස්ටර් වෙලා, කැමති වෙලාවට PayHere merchants ලාට තත්පර ගානක් ඇතුලත payments කරන්න.
(මේ ආටිකල් එක ටයිප් කරේ හෙළකුරු voice typing හරහා. ඔයත් කැමතිනම් ට්‍රයි කරල බලන්න, හෙළකුරු super ඇප් (android version) එක ඩවුන්ලෝඩ් කරගන්න.)
0 Comments