අපි කවුරුත් මේ වෙද්දි දන්නවා අන්තර්ජාලය හරහා ගෙවන එක කොතරම් පහසුයි ද කියලා. පැරණි ප්‍රශ්න අලුත් විදියට විසඳන්න පුළුවන් වෙලා තියන්නේ ඒ වගේ නව තාක්ෂණික ක්‍රම වල දියුණුව නිසායි. ඒත් ඒ වෙනසත් එක්කම අපි බලාපොරොත්තු නොවන දේවල් සිද්ධ වෙන අවස්ථා මතු වෙන්න පුළුවන්. එහෙම වෙලාවට අපිට නොතේරෙන දෙයක් ගැන වෙන කෙනෙකුගෙන් අහලා දැනගන්න එක පහසුයි.
ඉතින් ඔබ අන්තර්ජාලය හරහා PayHere Merchant කෙනෙක්ට කරපු ගෙවීමක් සම්බන්ධයෙන්, යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, PayHere team එකට පහත ආකාරයට විස්තර එවන්න.
- ඊමේල් ලිපිනය: [email protected]
- ඊමේල් attachments: ඔබේ ගෙවීම තහවුරු කිරීම සම්බන්ධ Screenshots.
- ඊමේල් body එකේ අන්තර්ගතය: පහත වගුවේ අදාළ වන විස්තර සියල්ල එවන්න. (වගුව copy කර ගන්න.)
විමසන කාරණය (eg: ගෙවීම් තහවුරු කිරීමක් අවශ්‍යයි) |
|
කාඩ්පතක් නම් වර්ගය (උදා: Visa/Mastercard/Amex/Discover/DinersClub) or කාඩ්පතක් නොවේ නම් වර්ගය (උදා: ezCash, mCash, Frimi, Genie, Sampath Vishwa, ComBank Q+, LOLC iPay, HelaPay) |
|
ඔබේ ගෙවීම කාඩ්පතකින් නම්: එම කාඩ්පතේ අග ඉලක්කම් 4 (උදා: Visa/Mastercard/Amex/ Discover/DinersClub) or ඔබේ ගෙවීම කාඩ්පතකින් නොවේ නම්: එම ගෙවීම් ක්රමයේ යොමු අංකය (උදා: සම්පත් විශ්ව ගිණුම් අංකය සහ SVR යොමුවේ ඉලක්කම් 15) (eg: ezCash යොමු අංකය – starting from 2xxxxxxxx) (eg: mCash, Frimi, Genie, ComBank Q+, LOLC iPay, HelaPay නම් අදාළ යොමු අංකය) |
|
ගෙවීම කළ දිනය | |
ගෙවීම කළ වේලාව | |
ගෙවූ මුදල් ප්‍රමාණය | |
ගෙවන්නාගේ නම සහ ඊමේල් ලිපිනය | |
ගෙවන ලද්දේ කාටද? Website එක හෝ ව්‍යාපාර නාමය
|
|
ඔබ විසින් ඉහත විස්තර නිවැරදිව එවූ විට ඒ ගෙවීමට සම්බන්ධ වූ පාර්ශව සමඟ සසඳා බලා ඔබේ ප්රශ්නය ට ප්‍රතිචාර දක්වනු ලැබේ.
එසේම කිවයුතු වැදගත් කාරණයක් වන්නේ ඔබ කිසිම විටකදී, කාට හෝ, ඔබේ කාඩ්පතේ සියලුම අංක ලබා දිය යුතු නැතිය.
ස්තූතියි
0 Comments