ශ්‍රී ලංකාවේ සරලතම සහ සුරක්ෂිතම ගෙවීම් ක්‍රමවේදය වන හෙළPay ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය අත්විඳිය හැක්කේ PayHere භාවිතා කරන ව්‍යාපාරික ඔබ හට පමණමයි.
මිලියන දහයකට අධික ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය සුරැකි හෙළකුරු සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය ලද පළමු ඩිජිටල් ගෙවීම් ද්වාරය වන PayHere එකතුවෙන් ඔබට හඳුන්වාදෙන හෙළPay ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හරහා ගෙවීම් ලබාගන්නට PayHere භාවිතා කරන ව්‍යාපාරික ඔබට දැන් අවස්ථාව හිමිව තිබෙනවා. විශේෂම කරුණ වන්නේ මෙම නවතම හෙළPay සේවාව හරහා ගෙවීම් ලබාගැනීමේ හැකියාව ඇත්තේ PayHere භාවිතා කරන ව්‍යාපාරික ඔබට පමණක්ම වීමයි.
හෙළකුරු SuperApp හි ඇති හෙළPay සේවාව සමඟ බැංකු ගිණුම Connect කරගැනීමෙන් හෙළPay හරහා ඩිජිටල් ගෙවීම් සිදුකරගැනීමට හැකියි. මෙය ව්‍යාපාරික ඔබට ඉතාම වැදගත් කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම පරිශීලකයන් ප්‍රමාණයක් හෙවත් මිලියන 10 කට අධික පරිශීලකයන් ප්‍රමාණයක් සහිත හෙළකුරු භාවිතා කරන සියළු දෙනාට හෙළPay සේවාව අප විවෘත කර තිබීමයි. මේ නිසා ඔබගේ ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් විශාල ප්‍රමාණයකට විවෘත වූ සරල ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් ඔබට හිමිවෙනවා. PayHere සමඟ මීට පෙර ඔබ අත්විඳි ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද සියල්ලටම වඩා සරල සහ වේගවත් හෙළPay සේවාව හරහා ගෙවීම් සිදුකරන අයුරු පහත වීඩියෝවෙන් ඔබට දැකගත හැකියි.
හෙළPay සේවාව වඩාත් වේගවත් ගෙවීම් සේවාවක් බවට පත්වීමට හෙළPay හි ගෙවීම් තහවුරු කරගැනීම සඳහා භාවිතා කරන ගනුදෙනුකරුවන්ගේ Fingerprint හෝ FaceID ක්‍රමවේදය හේතුවෙනවා. මෙහිදී අදාල ගනුදෙනුකරුගේ බැංකු ගිණුම හෙළPay සමඟ Connect කර එක්වරක් පමණක් OTP අංකයකින් Verify කළ පසු ගනුදෙනුකරුට පමණක් සුවිශේෂ වූ Fingerprint හෝ FaceID එක භාවිතා කර ගෙවීම් සිදුකළ හැකියි. මේ නිසා හෙළPay පරිශීලකයන්ට සිය ගෙවීම් වඩාත් සරලව සහ සුරක්ෂිතව කරගැනීමේ හැකියාව පවතිනවා.
ඔබ තවමත් PayHere භාවිතා නොකරන ව්‍යාපාරිකයෙක් නම් තවදුරටත් පමාවන්නට එපා. ශ්‍රී ලංකාවේ සරලතම සහ සුරක්ෂිතම ගෙවීම් ක්‍රමවේදය වන හෙළPay පහසුකම ලැබෙන්නේ ඔබ PayHere සමඟ එකතුවූවොත් පමණයි. ඒ වගේම ඔබේ පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයකට විවෘත වූ ශ්‍රී ලංකාවේ සරලතම ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය අත්විඳීමේ හැකියාවත් ඔබට PayHere සමඟ එකතු වීමත් සමඟ අනිවාර්යයෙන්ම ලැබෙනවා.
වෙනස අත්විඳ වෙනස් වන්න.
0 Comments